Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th April 2018 19:51:49 Hours

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් නුවරඑළිය නගරයේ වාර්ෂිකව පවතව වසන්ත සැණකෙලිය පැවති සමයේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා 3 වන(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධික්ෂණය යටතේ 2018 අප්‍රේල් මස 08 වන දින නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී සිදු කරන ලදි.

ඒ අනුව තත් ශ්‍රමදාන වැඩසටහන නුවරඑළිය මහ නඟර සභාවේ නගරාධිපති පි බි චන්දන ලාල් කරුණාරත්න මහතා විසින් 3 වන(සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගෙන් කරන ලද ඉල්ලිමකට අනුව මෙම මුල ආඥාපති තුමන්ගේ උපදෙස් අනුව එම ඒකකයේ 04 x 50 ක භඨපිරිසක් සහභාගි කරවමින් එම කාර්යය සාර්ථක කර ගැනිම සඳහා සහය දැක්වු අතර මේ සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලිසිය, නුවරඑළිය නඟර සභාව, නුවරඑළිය වෙළඳ සංගමය හා ප්‍රදේශයේ සිවිල් ජනතාව 300 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සර්ථකව අවසන් කරන ලදි.