Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th October 2019 08:57:32 Hours

නුදුරේදි විශ්‍රාම ගැන්විමට නියමිත යුද්ධ හමුදා සෙසුනිලයින් හට සිවිල් ජිවිතයේදි අරමුණු නිසි අයුරින් ඉටුකරගෙන ජිවිතය නිවැරදි මාවතකට යොමුකර ගැනිම පිළිබඳ දේශණයක් පැවැත්වීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව රණවිරු සේවා අධ්‍යක්‍ෂක මණ්ඩල විසින් නුදුරේදි විශ්‍රාම ගැන්විමට නියමිත සෙසුනිලයින් හට විශ්‍රාම පාඨමාළා හැදැරිම පිළිබඳ දේශණයක් 2019.10.25 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල දියතලාව ස්වේච්ඡා බළඇණි පුහුණු පාසලට අයත් ප්‍රධාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.

ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම යටතේ මෙම මුලය හා යටතේ පාලනය වන සේනාංක මුලස්ථාන හා බළසේනා මුලස්ථාන ඇතුළු පුහුණු පාසල් මෙන්ම සියළුම ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන නුදුරේදි විශ්‍රාම ගැන්විමට නියමිත සෙසුනිලයින් 00 x 88 ප්‍රමාණයක් සහභාගිවන ලදි.

අදාල දේශණය යුද්ධ හමුදා ජිවිතයෙන් පසු සිවිල් ජිවිතය වෙත හැඩගැසෙන හමුදා සෙබළාගේ ඉදිරි අරමුනු ඉටුකරගන්නා ආකාරය පිළිබඳ රණවිරු සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මේජර් ටි එල් එස් රත්නසේකර ආර්ඩබ්පි ආර්එස්පි මාණ්ඩලික නිලධාරි 2 (රැකියා) වශයෙන් රාජකාරි ඉටුකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉදිරිපත් කිරිමක් මගින් විස්තර කරන ලදි.