Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th April 2020 09:39:01 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 265 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

රන්ටැඹේ, සහ පල්ලේකැලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 265 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.02 සහ 03 වන දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.

තවද ගාල්ල, කොළඹ, මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රධාන දිස්ත්‍රික්කයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිස් ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන ලදි.