Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th June 2020 19:34:37 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

දියතලාව යුද්ධ හමුදා රෝහල මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.10 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.