Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd August 2018 09:30:45 Hours

නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා යුද්ධ හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ ශ්‍රි දළදා මාළිගාව වෙත ගමන් කරවීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේහි පිහිටා ඇති බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බදු මහනුවර ශ්‍රි දළදා මලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහැර පැවත්විම වෙනුවෙන් සියළු කටයුතු සුදානම් කර ඇති අතර, සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පෙරහැර සාර්ථක කර ගැනිම වෙනුවෙන් මෙම මුලය යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකකයන් වෙතින් ආරක්ෂාව ඇතුළු සියළු කටයුතු සඳහා අවශ්‍ය භටපිරිස්හි දායකත්වය ලබාදිමට ක්‍රියාකර ඇත.

ඒ අනුව ශ්‍රි දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩමවීම සඳහා නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා නැදුන්ගමුවේ සිට ශ්‍රි දළදා මාලිගාව දක්වා පාගමනින් ගමන් කරනු ලබන අතර, මෙවර 12 වන වතාවට ඒ උතුම් පුණ්‍ය කර්මය සඳහා සහභාගිවනු ලබයි. එම හස්ති රාජයා 2018 අගෝස්තු මස 19 වන දින 1945 පැයට පමණ 8 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවෙ භටපිරිස් විසින් කොළඹ මහනුවර මර්ගයේ කඩුගන්නාව බිංගෙය අසලින් 2 වන (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකක භටපිරිස් වෙත භාර දිමෙන් අනතුරුව ඹවුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ 2018 අගෝස්තු මස 20 වන දින ශ්‍රි දළදා මාළිගාව වෙත පැමිනෙන ලදි.

ශ්‍රි දළදා මාලිගාව වෙත ආරක්ෂාව මධ්‍යයේ පැමිණි එම හස්ති රාජයා යුද්ධ හමුදාව වෙතින් ඇසළ පෙරහැර භාර පෙරහැරේ ලේකම් වන ජයම්පති වැද්දාගල මහතා වෙත භාරදිමට කටයුතු කරන ලද අතර, පෙරහැර කමිටුව විසින් තත් හස්තියා වෙනුවෙන් ලබා දුන් ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා සෙබළුන් හට ස්තුතිය පිරිනමන ලදි.