Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th May 2024 22:38:25 Hours

නව නිවාඩු නිකේතනය විවෘත වු වගයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථානගත දියතලාව ස්ටේෂන් කන්ද කදවුරේහි එවකට තිබු පැරණි ගොඩනැගිල්ලක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත ඉතාමත් අලංකාරවත් ලෙස මාසයක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල ප්‍රතිසංස්කරණය කර නිවාඩු නිකේතනයක් බවට පත් කිරිමට කටයුතු කරන ලදි.

ඒ අනුව මෙම Garrison Manor නිවාඩු නිකේතනය ආඥාපතිගේ සුරතින් 2024.05.15 වන දින විවෘත කරන ලදි. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන (භකාස) නිලධාරි ඇතුලු රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් සහ සෙසුනිලයින් සහභාගිවන ලදී.

මෙම නිවාඩු නිකේතනය යුධ හමුදාවේ කාර්යශුරත්වය හා කැපවීම විදහා දක්වමින් ඉදිකිරිමේහිලා පුරෝගාමිව කටයුතු කල 17 ඉසේරෙ නිලධාරින් හා සෙසුනිළයින් මෙන්ම සෙසු භඨ පිරිස් හා සිවිල් සේවක මහතුන් වෙත ආරක්‍ෂක සේනා අඥාපති කෘතඥ පුර්වකව සේවය ඇගයීම සහ ස්තුතිය පුදකරන ලද අතර, ඔවුන් වෙත ප්‍රණාම සහතිකපත් පිරිනැමිමටද තේ පැන් සංග්‍රහයක් ලබාදීමටද කටයුතු කලේය.