Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th November 2018 13:11:08 Hours

නව ආඥාපති තුමන්ගේ 11 සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ සංචාරය

මෙම මුල නව ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු 2018 නොවැමිබර් 06 වන දින 11 සේමු බළප්‍රදේශයේ සංචාරය සිදු කරන ලදි.

එම සංචාරයේදි පළමුව 11 සේමු වෙත සංචාරය සිදුකල අතර, ආඥාපති වෙත 1 වන රයිෆල්බළකායේ භඨපිරිස් වෙතින් කදවුරු සම්මාන මුරයක් පිරිනැම්මෙන් පසු එම අවස්ථාවට සහභාගිවු 11 සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 111 සහ 112 බසේමුයන්හි බළසේනාධිපතවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ එම සේනාංකයේ සියලුම නිලධාරිවරුන්/නිලධාරිනියන් මෙන්ම බසේමු/ඒකක/පුපා වෙතින් 35 x 200 ක පිරිසක් භඨපිරිස් අමතා හමුදා සමාජිකයන් ලෙස අපගේ කාර්‍ය භාරය පැහැදිලිකර දෙන ලදි. ඉන් අනතුරුව එම සංචාරය සනිහිටුවන් කරනු වස් අමුත්තන්ගේ සමරු පොතේහි ආඥාපති විසින් සටහන් තැබිමක්ද සිදුකරන ලදි.

තවද, ඉන් අනතුරුව නව ආඥාපති තුමන් මහනුවර ශ්‍රි දළදා මාළිගාව වැදපුදා ගැනීම මෙන්ම අස්ගිරි සහ මල්වතු මහා විහාර ස්වාමින් වහන්සේලා බැහැදැකිමෙන් අනතුරුව එම ස්වාමින් වහන්සේලා විසින් මෙම මුල ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් වෙත තුරුණුවන්ගේ ආශිර්වාද කරන ලදි.