Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st July 2024 20:09:52 Hours

නව ආඥාපති තනතුරෙහි වැඩ භාරගැනීම - ආරක්‍ෂක සේනා (මධ්‍යම)

ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි 19 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පි පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.28 වන දින චාරිත්‍රානුකූලව ඉතා සරලව චාම් අයුරින් හා ගෞරවාන්විතව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදි. තවද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රීලංකා කලතුවක්කු හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කරනු ලබයි.

නව ආඥාපති හට කදවුරු සම්මාන මුරයකින් සහ සම්මාන මුරයකින් ගෞරවය පිරිනමන ලද්දේ 23 වන බළඇණි විජයබාහු භටපිරිස් විසිනි. ඉන් අනතුරුව සර්ව ආගමික පුජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ නව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජකාරි ආම්භය සනිටුහන් කිරිම සදහා කඳවුරු භූමියේ පැලයක් රෝපණය කර සමුහ ඡායාරූපයට පෙනී සිටිමින් ඒ සදහා පැමිණි සියලුම නිලධාරීන් හා සෙසුනිළයින් ආමන්ත්‍රණය කල අතර, ඔවුන් සමග සම්ප්‍රධානුකූලව තේපැන් සංග්‍රාහයට එක්ව සුහදශීලී කතාබහකද නිරත වන ලදී.

මෙම උත්සව අවස්ථාව සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත පාබල සේනාංක සේනාංකාධිපතිවරු, භකාස අණසක ආඥාපති (මධ්‍යම), පාබල බළසේනා බළසේනාධිපතිවරු මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු සියලුම නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීවරුන් මෙන්ම සියලුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරි/නිලධාරීණියන් සහ ආසේමු මධ්‍යම බලලත් නිලධාරී ඇතුළු සියලුම සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී