Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th December 2018 20:33:51 Hours

දිවයිනට බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් ආපදාවට ලක්වු සිවිල් සේවකයෙකු හට නව නිවසක් ඉදිකරදිම

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් පිහිටා ඇති 11 සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පසු ගිය දිනවල නොකඩවා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් 11 වන සේනාංක මුලස්ථානයෙහි සිවිල් සෙවකයෙකු වශයෙන් සේවය ඉටුකරමින් සිටි එෆ්/8660 අංක දරන ඩිඑම් තිලකරත්න යන මහතාගේ නිවස මතට විශාල ගල් පර්වතයක් වැටිම හේතුවෙන් එම මහතාගේ හත් හැවිරිදි දියණිය ඉන් මරණයට පත්වී ඇත.

ඒ අනුව ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් තුමාගේ නිර්දේශය මත පේරාදෙණිය දොළුව මාර්ගයේ හිදගල ප්‍රදේශයේ පර්චස් 07ක ඉඩම් කැබැල්ලක් වෙන්කර දි පසුව එම ඉඩමේ නිවසක් ඉදිකරදීමට හිදගල රජමහා විහාරාධිපති පුජ්‍ය ඇඹිල්ගම පඥ්ඥාතිස්ස ස්වාමින් වහන්සේගේ පුද්ගලික ධනයෙන් නිවසක් ඉදිකරදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙන අතර, සිවිල් ජනතාවගේ ශ්‍රමය යෙදවිමේදි විශාල මුදලක් වැයවීම හේතුවෙන් 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත වෘත්තීය සහ වෘත්තිය නොවන යුද්ධ හමුදා භඨපිරිස් යොදවා වැඩ කටයුතු සාර්ථකව නිම කර 2018.12.27 වන දින 0933 පැයට ආගමික වතාවත් සිදුකොට යෙදුනු සුභ මොහොතින් සේනාංකාධිපති තුමා විසින් නිවස විවෘත කර අදාල සිවිල් සේවක මහතා වෙත භාරදිම සිදු කරන ලදි.