Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th November 2018 11:17:34 Hours

දියතලාව විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දුදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්වීමේ වාර්ෂික විවිධ ප්‍රසංගය - 2018

යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන මෙම ආරකෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉ‍ගෙනුම ලබන දුවාදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්විමේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝව් සිනමා ශාලාවෙදි උත්කර්ෂවත් අයුරින් 2018 නොවැම්බර් මස 13 වන දින පවත්වන ලදි.

එම උත්සව අවස්ථාව යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මේ සඳහා මහනුවර හා දියතලාව විරුකැකුළු පෙර පාසල් භාර ජ්‍යෙෂ්ඨ සමාජිකාව වන ලුද්මිලා ද සිල්වා මහත්මිය හා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවන් විශාල පිරිසකගේ සහාභාගිත්වයෙන් පවත්වන ලදි.

තවද, තත් විවිධ ප්‍රසංගය වර්ණවත් කරමින් සිසු දරුදරියන් තම හැකියාවන් ඉදිරිපත් කරන ලද අතර, ඒ සදහා මෙම මුල රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් ඇතුළු සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වන ලදී.