23rd January 2025 07:00:36 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේඑස්කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ දියතලාවවිරුකැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා දැක්වීම සඳහා වාර්ෂිකව පවත්වන ලබන වැඩසටහන 2025 ජනවාරි මස 21 වන දින ඉතාමත් විචිත්‍රවත් අයුරින් පවත්වන ලදි.
ඒ අනුවදියතලාව විරු කැකුළු පෙර පාසලේ දුවා දරුවන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන සුනේත්‍රා චන්ද්‍රෙස්කර මැතිණිය, පලමුව බුලත් හුරුලක් ලබාදි සිඟිති දුවා දරුවන් විසින් පිළිගැනීමෙන් පසුව චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වා පෙර පාසලේ දූවා දරුවන්ගේ පෙර පාසල් ගීතය ගායනා කිරිමෙන් පසුව මෙම උත්සවය ආරම්භ කරන ලදි. ආදරණිය දුවා දරුවන් 92 ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ නර්තන, නාට්‍ය.භාෂා ත්‍රිත්වයෙන් ගායන, මෙන්ම නිවේදන අංග වලින් සමන්විතවු ඉදිරිපත් කිරීම් පැමිණි සිටි සියළු ආරාධිතයින් සහ දෙමාපියන් අමන්දානන්දයට පත්වන ආකාරයේ ඉතාමත් කලාත්මක අයුරින් සිදුකිරිමට එහි ආචාර්යය මණ්ඩය විශේෂ කැප කිරීමක් සිදුකර ඇති බව මනාව පෙන්නුම් කරන ලදි.
මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් (පාලන/භකාස)බ්‍රිගේඩියර්කේ එම් ජේ එන් ආර් කේ චන්ද්‍රෙස්කර ජ්‍යෙෂ්ඨ නිලධාරි හා එම මැතිණිය වන සුනේත්‍රා චන්ද්‍රෙස්කර, ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරිනියන්, ආචාර්යය මණ්ඩලය සහ දෙමාපියන්රැසක් සහභාගි වුහ.