Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th December 2018 19:14:28 Hours

දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි වර්ෂික නත්තල් උත්සවය

සේවා වනිතා ඒකකය මගින් පාලනය වන මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි සිගිති දරුදැරියන් උදෙසා වර්ෂිකව පවත්වනු ලබන නත්තල් උත්සවය මෙවරද 2018.12.07 වන දින පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.

තත් උත්සව අවස්ථාව සදහා මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් ආර් එම් පි ජේ රත්නායක ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි හා කර්නල් පාලන භකාස ලුතිතන් කර්නල් ජි ඩි වයි ආර් පෙරේරා ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරින් ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වන ලදි. මෙහිදි ආරාධිත අමුත්තන් ඉදිරියේ දරුදැරියන් නත්තල් ගිත ගායනා කරමින් නත්තල් උත්සවය වර්ණවත් කරන ලද අතර, ඉන් අනතුරුව පැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරින් විසින් සිගිති දරුදැරියන් හට ත්‍යාග බෙදාදිමෙන් පසු උත්සවය නිමාවට පත්විය.