Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2018 12:45:17 Hours

දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් යුද්ධ හමුදා මුලික රෝහල දියතලාවෙහි වෛද්‍ය වරුන්ගේ සහභාගිත්වයෙන් හා එම පෙර පාසල භාර සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨතම සාමාජිකාව වන තනුජා ඩයස් මැතිණියගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 2018 ජුලි මස 11 වන දින දියතලාව විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.

මෙම වෛද්‍ය සායනය සඳහා එම පෙර පාසලේ ඉගෙනුම ලබන දරුදැරියන්ගේ දෙමාපියන් හා ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදි.