16th August 2024 20:58:44 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් උපදෙස් සහ මගපෙන්වීම මත ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටි දියතලාව මධ්‍ය මහා විද්‍යාලයෙහි ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දුවා දරුවන් හට කොළඹ රොටරි සමාජයේ අනුග්රහක්ත්වයෙන් පුණරික්ෂණ පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහනක් හා උසස් අධ්‍යාපනය හදාර බාහිර සමාජයට පිවිසීමත් සබැදිව මුහුණු දෙන සාමාජීය ගැටළු හා වෘත්තීය මාර්ගෝප දේශකත්වය පිළිබඳ දේශණක් 2024.08.16 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදි සිදුකරන ලදී.
එම උත්සවය සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති ප්‍රධානත්වයෙන් කොළඹ රොටරි සමාජයේ සභාපති ඇතුළු සාමාජිකයින්ගේ, අඥාපති භකාස/අණසක (මධ්‍යම), අරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරීන් සහ විදුහල්පති තුමන් ඇතුළු ගුරු භවතුන්, පාසල් දුවා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගි වන ලදි.