Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th September 2018 15:21:17 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවත්විම

පසුගිය දින වල දිවයිනට බලපා තිබු අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිමේ අවදානමක් පවතින බැවින්, එම ඩෙංගු බෝවිමේ ආවධානම අවම කිරිමේ අරමුණින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විමෙන් මෙම අරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් සියළුම දිස්ත්‍රික්ක වන මහනුවර, නුවරඑළිය, මතලේ, බදුල්ල, මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් 2018.09.01 හා 02 වන දින පවත්වන ලදි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මෙම මුලය යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් භඨපිරිස් යොදවා හපුතලේ, දියතලාව හා බණ්ඩාරවෙල යන ප්‍රදේශයන් හි තෝරාගත් පාසල් වල ඩෙංගු මර්ධනය කිරිමේ කටයුතු වල නිරත විය. තවද ,11 සේමු හා 12 සේමු වෙතින් ඒ ඒ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එම ප්‍රදේශයන්හි ස්ථාපිත ඒකකයන් වෙතින් භඨපිරිස් යොදවා තෝරාගත් පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, මේහිදි පොලිතින්,ප්ල්ස්ටික්, බෝතල්, ඉවත් කිරිම හා ජලය රැදෙන ස්ථාන පිරිසිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා සහාභගි වු සෙබළුන් මනා කැපවිමකින් යුතුව තම උපරිම අයුරින් දැක්වු දායකත්වය අගයමින් එම පාසල්හි විදුහල්පතිවරු සියළු නිළධාරි/සෙසුනිළයින් හට තම ස්තුතිය පිරිනමන ලදි.