Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2020 22:29:00 Hours

ටැක්ග් බෝල් “Teq Ball” ක්‍රීඩාව හදුන්වාදීමේ වැඩසටහනක් බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයේදී පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුල බල ප්‍රදේශය තුල පිහිටි බණ්ඩාරවෙල,දියතලාව,හපුතලේ,වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශයන්හී පාපන්දු ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩකයන් සහිත ක්‍රීඩා සමාජ වෙත ටැක්ග් බෝල් ක්‍රීඩාව හදුන්වා දීමේ වැඩසටහනක් 2020.10.03 වන දින උදෑසන 0800පැයේ සිට 1200 පැය දක්වා බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදි.

එහිදී ටැක්ග් බෝල් “Teq Ball” ක්‍රීඩාව ක්‍රීඩකයින්ට හදුන්වාදෙමින් ක්‍රීඩකයින් වෙත කෙටි පුහුණුවක්ද ලබා දුන් අතර එම අවස්ථාවට එක් වු මෙම මුල ආඥාපති තුමන්ගේ සුරතින් ක්‍රීඩා උපකරණ බෙදාදීමද සිදුවිය. මෙම මූල ආඥාපති තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන්, වැඩසටහන සංවිධානය කල බණ්ඩාරවෙල පාපන්දු සංගමයේ නිලධාරීන්,සාමාජිකයින් හා බණ්ඩාරවෙල වෙළඳ සංගමයේ සාමාජිකයින් පිරිසක් වැඩසටහන සදහා සහභාගි විය.