Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th May 2020 12:19:45 Hours

ජනාධිපති කාර්ය සාධක බලකාය තවත් එක් ක්ෂේත්‍ර සංචාරයක නියැළෙයි

කොවිඩ් - 19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සෞඛය ආරක්‍ෂිත අවශ්‍යතා පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 2020.05.06 වන දින 12 සේනාංකය හා 122 බලසේනා මුලස්ථානය, 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුව හා ලුණුගම්වෙහෙර යොවුන් සේනාංකය යන ස්ථාන වල ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් මාෂල් ඩබ්ලිව් ඩී එම් ජේ රොෂාන් ගුණතිලක ආර්ඩබ්ලිව්පී වීඑස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ වෛද්‍ය විශේෂඥයින්, ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළුව 12 වන සේනංකාධිපති, 122 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්/ නිළධාරින් සහභාගිවු අතර, මෙම සංචාරයෙන් අනතුරුව, එම සාමාජිකයින් කඳවුරු පරිශ්‍රය තුළ ප්‍රමිතිය තවදුරටත් වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.