20th July 2024 15:23:17 Hours
යාපනයේ සිට කතරගම දක්වා වාර්ෂිකව පැවැත්වෙන පාද යාත්‍රවට සහභාගී වන බැතිමතුන් සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 2024 ජූනි 30 වන දින සිට සහය ලබාදීම ආරම්භ කරන ලදී. ‘යාල ජාතික වනෝද්‍යානයේ’ ආරම්භක ස්ථානය වන කුඹුක්කන් ඔයේ සිට කටගමුව දක්වා දිවෙන මාර්ගයේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්‍ෂාව සහ පාලන අවශ්‍යතා සපුරාලීම 12 වන පාබල සේනාංක භඨ පිරිස් විසින් 2024 ජූලි 15 දක්වා සිදුකරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් බිකේජිඑම්එල් රෝද්‍රිගෝ ආර්එස්පි පිඑස්සි අයිජි යන ජෙෂ්ඨ නිලධාරි ගේ අධීක්ෂණය යටතේ යාල ජාතික වනෝද්‍යානය හරහා ගමන් ගන්නා බැතිමතුන්ට වෛද්‍ය ආධාර පානීය ජලය සැපයීම සහ අනෙකුත් සේවාවන් සපයන ලදී. කුඹුක්කන් ඔයේ සිට කටගමුව දක්වා පැමිණෙන බැතිමතුන් සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් විසින් 'යාල ජාතික වනෝද්‍යානයේ ලින් තුන ප්‍රදේශයේදි 2024 ජුනි 30 වන දින සරුවත් දන්සලක් සංවිධානය කරන ලදි. 2024 ජූලි 02 සිට 16 දක්වා කටගමුව ප්‍රදේශයේදි සංවිධානය කර තිබු දන්සලේ හි ප්‍රධාන කර්තව්‍යයක් වන දිනපතා ආහාර වේල් තුනක් පිළියෙල කිරීම යුධ හමුදා භඨ පිරිස් විසින් සිදුකරන ලදී. අදාල කාලසීමාව තුළ බැතිමතුන් 31984 ක් යාල හරහා කතරගම දේවාලයට පාද යාත්‍රාවෙන් පැමිනෙන ලදී.