Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2018 16:30:02 Hours

කතරගම පාද යාත්‍රා වන්දනාකරුවන් 12 සේනාංකාධිපති මුණගැසෙයි

කතරගම වාර්ෂිකව පවත්වනු ලබන ඇසල උත්සවයට සහභාගි වීම සඳහා දහස් ගනන් හින්දු බැතිමතුන් යාපන අර්ධද්විපයේ සිට පාගමනින්ම කතරගම දක්වා පැමිණිම වාර්ෂිකව සිදු කරනු ලබන අතර, මෙම වසරේ ජුලි මස 13 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇති කතරගම ඇසල උත්සවය සඳහා මේවන විට හය දහසකට අධික බැතිමතුන් පිරිසක් යාපනයේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, කුමන හා යාල යන වන රක්ෂිතයන් හරහා 2018 ජුලි 09 වන දින කතරගමට ලඟා විය. එහිදි අති දුෂ්කර මාර්ගයන් ඔස්සේ තම ගමනාන්තයට ලඟා වු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට 23 වන ගජබා රෙජිමේනතුවේ නිලධාරි/සෙසු නිලයින් රුහුණු මහා කතරගම දේවාලය හා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම යටතේ සිදු කරන ලදි.

මෙම පාද යාත්‍රාවෙි පැමිණි සියළුම බැතිමතුන් හට අවශ්‍ය ජලය ඇතුලු අනෙකුත් අත්‍යවශය පහසුකම් සලසාදීමට මෙම භටපිරිස් කටයුතු කල අතර, 12 සේනාංකා‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද එම ස්ථානය වෙත ගොස් එ් පිළිබඳව සොයා බලන ලදි.