Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2024 08:00:00 Hours

ඉතා අඩු අදායම් ලාභි පවුල් සඳහා පානීය ජල අවශ්‍යාතා සපුරාලීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම ‍හා උපදෙස් මත මොණරාගල දිස්ත්‍රීක්කයට අයත් කතරගම ප්‍රදේශිය ලේකම් කොට්ටාශයේ කරවීල ග්‍රාමයෙ හි ආර්ථික දුෂ්කරතා සහිත දිල්ෂාන් ප්‍රසංග යන අයගේ පවුල වෙත පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ළිදක් සහ සනීපාරක්‍ෂක පහසුකම් ඉඳිකර භාරදීම 2024 මැයි 04 වන දින කටයුතු සිදුකර ඇත.

ඒ සදහා වු මුල්‍ය දායකත්වය 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සමීප මිතුරෙකු වන සුමිත් තෙන්නකෝන් සහ ඔහුගේ සොහොයුරිය වන තමාරා තෙන්නකෝන් යන දෙපල විසින් සපයා දෙන ලදී. එහි ඉදිකිරිම් 20 ශ්‍රීලංසිරේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදුකරන්නට කටයුතු කර ඇත.

අදාල අවස්ථාව ආගමික වාතාවත් වලට පමණක් සීමාවු ඉතා කෙටි උත්සවයකින් සංවිධානය කර තියුණු අතර, ඒ සඳහා සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි/සෙසුනිළයින් සහ අදාල පවුලේ සාමාජිකයින් සහභාගි වන ලදි.