Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2019 17:59:57 Hours

ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන ඒකකයන්හි ආඥාපති තුමන්ගේ සංචාරය

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන් හි දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සඳහා දෙදින සංචාරයක් සිදු කරන ලදී.

එමෙන්ම 2019.02.21 වන දින 7 ශ්‍රිලංසංබ, 8 ශ්‍රීලයුසේබ හා 2019.02.22 වන දින 7 ශ්‍රිලයුපොහේබ, 2 (සෙච්) ශ්‍රිලවියාඉ වශයෙන් ඒකකයන් වෙත සංචාරය සිදු කරනු ලැබු අතර, එහිදී කඳවුරු සංවර්ධනය හා ඉදිකරමින් පවතින ගොඩනැගිලි මෙන්ම ඉදිකිරිමට යෝජිත ගොඩනැගිලි පිලිබඳව සොයා බැලිම හා එහි පවතින අඩුපාඩු පිලිබදව සොයාබලන ලදි. තවද, මෙම සංචාරයේදී ආඥාපති තුමා වෙත සුදානම් කරන ලද තේ පැන් සංග්‍රාහයන්හටද සහභාගි වු අතර, එම කඳවුරු භූමියන් තුල නා පැල හා අඹ පැලයන් රෝපනය කිරිමෙන් අණතුරුව විශේෂ අමුත්තන්ගේ සමරු පොත්හි සටහන්ද තබන ලදි.