Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 12:26:25 Hours

ආසේමු(මධ්‍යම) කාලින දේශනයක් සංවිධානය කරයි.

අන්තර්ඡාල සමිබන්ධතා භාවිතයේදී අනුගමනය කලයුතු නිවැරදි ආරක්ෂණ පිළිවෙත හා ක්‍රියාදාමයන් පිළිබදව දැනුවත් කිරීමේ දේශනයක් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පූර්ණ උපදෙස් මත සියලූම ආසේමු මටිටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇත.

අන්තර්ඡාල සමිබන්ධතා භාවිතයේදී අනුගමනය කලයුතු නිවැරදි ආරක්ෂණ පිළිවෙත හා ක්‍රියාදාමයන් පිළිබදව දැනුවත් කිරීමේ දේශනයක් ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පූර්ණ උපදෙස් මත සියලූම ආසේමු මටිටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇත. ඒ අනුව විෂයට අදාල දේශනයක් 2017.12.06 වන දින මෙම මූලය හා යටතේ ස්ථානගත සේමු, බසේමු, පූපා හා ඒකකයන්හි රාඡකාරී ඉටු කරනු ලබන නිලධාරී/සෙසුනිළයින් 144 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සෙවිපූපා දේශන ශාලාවේදී පවත්වන ලදී.

මෙම දේශනය 12 වන සංඥා බළකායේ අණදෙන නිලධාරී නි/61626 කර්නල් එස්පීපී පක්ෂවීර යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී විසින් මෙහෙයවූ අතර, මෙම දේශනයේදී අන්තර්ඡාල සබදතා විධිමත් අයුරින් පරිහරණය කිරීම මෙන්ම අන් අයගේ අයහපත උදෙසා මෙම අන්තර්ඡාල සබදතා පරිහරණය කිරීම තුලින් ඡීවිත හානි සිදුවීමට බොහෝ සෙයින් ඉඩප්‍රස්ථාව ඇති බව පරිඝණක ගෙනහැර දැක්වීමක් මගින් ප්‍රදර්ශනය කරන ලදී.