Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th December 2019 12:00:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව 2019.12.06 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිල සංචාරය සිදුකළ අතර එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ සේවයේ නියුතු තුන්සීයකට අධික භටපිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉහළම ගෞරවාචාරය පුද කරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව මෙම මුල ප්‍රධාන සරඹ භූමියේ දී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 23 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ රාජකාරි නියුතු නිළධාරි සහ සෙසුනිලයි විසින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

එමෙන්ම, යුද්ධ හමුදාධිපති තුමන් විසින් මෙම මුල සංචාරය සනිටුවන් කරන වස් කඳවුරු භූමිය තුල රත් හඳුන් පැලයක් රොපණය කර ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ නෙලුම් පොකුණ දේශණ ශාලාවේදි භටපිරිස් අමතමින් යුද්ධ හමුදාව පිළිබඳ සහ අපේක්‍ෂිත සුභසාධන ව්‍යාපෘති පිළිබඳ එතුමන්ගේ දැක්ම විග්‍රහ කරමින් සෑම සොල්දාදුවෙකුම වෘත්තීය විශේෂතාවයන් තුළින් පූර්ණ ප්‍රතිලාභ ලබාගෙන උසස් විනය හා කැපවීමෙන් යුතුව සේවය කළ යුතු බවට ද එතුමන් සඳහන් කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් මෙම මුල සියළු නිල තේ පැන් සංග්‍රයට එක් වෙමින් රැස්ව සිටි නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ ගැටළු පිළිබඳ විමසා සිටියහ. තවද, සෙව්පුපා දියතලාව දේශණ ශාලාවේදී මෙම මුලය සහ යටතේ ඇති සේනාංක, බළසේනාංක, එකකයන්හී රජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරිනියන් හට පැයක පමණ දේශණයක් යුද්ධ හමුදාපති තුමන් විසින් පවත්වන ලදී. අවසානයේදී යුද්ධ හමුදාපති තුමා මෙම මූල නිළධාරි නිවස්නය වෙත පැමිණ දිවා භෝජණ සංග‍්‍රහයට සහභාගි වීමෙන් පසු අවසන් වශයෙන් යුද්ධ හමුදාපති තුමා සමරු පොතේ මතක සටහන් තබා නික්ම ගියේය.