Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th January 2023 11:09:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිලධාරින් සහ සෙසුනිලයින් හට මනොවිද්‍යා පිළිබඳ හරවත් දේශණයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හා ඒකකයන් හි රාජකාරි ඉටු කරනු ලබන සියළුම නිලධාරින් හා සෙසුනිලයින් ගේ ධානාත්මක චින්තනය වැඩි දියුණුකර ගනිමින් ඉතා හොද මානසික නිදහසකින් රාජකාරි ස්ථානයෙත්, තම පවුලේ සමාජිකයින් වෙනුවෙන් ඉටු කල යුතු වගකිම් හා කාර්යභාරයන් පිලිබඳ හා තම ජිවිතය යහමගට ගනිමින් ඉතාමත් හොද පුරවැසියෙක් වශයෙන් ජිවිතය සාර්ථක කර ගැනීම උදෙසා හරවත් දේශණයක් මනෝවිද්‍යා උපදේශිකා අමා දිසානායක මැතිණියගේ සහභාගිත්වයෙන් 2023.01.26 වන දින ‍ස්වේච්ඡා බළසේනා පුහුණු පාසල දියතලාවෙ හි ‍දේශණ ශාලාවේදි පවත් වන ලදී‍.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හා පුහුණු පාසල්, එකකයන් හී රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින් සහ සෙසු නිලයින් මෙම දේශණය සඳහා සහභාගි වන ලදී.