Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2021 15:02:49 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් විසින් 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.01.13 වන දින 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වු අතර, එම සංචාරය සදහා මෙම මුල කර්නල් (සම්බන්ධිකරණ) කර්නල් ඩබිලිව්එම්පීඩබ්ලිව්එන්ඩීබී වීරකෝන් ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද සභාගි වන ලදි.

මෙම අවස්ථාව සඳහා 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරි මේජර් පීඑන්ඩී කපුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි වරුන් ආඥාපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර, සංචාරය සනිටුහන් කිරිම සදහා 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ කදවුරු භුමියේ ආඥාපති තුමන් විසින් අඹ පැලයක් රෝපනය කරන ලදි.