Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2020 09:53:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති තුමන් කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සහභාගි වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.08.01 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද්ධ හමුදාධිපති තුමන් විසින් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව පෙරහැර සඳහා සුදානම් කර තිබූ ආලෝක පහන් දල්වා පෙරහැරේ ගමන් කිරීමට නියමිත හස්ති රාජයාගේ පිටමත වැඩහිදුවා සිටින කතරගම දෙවිදුන්ගේ අනුරුව වෙත පුෂ්පෝපහාර පිදීමෙන් පසු විවිධ සංදර්ශනයන්ගෙන් වර්ණවත් කරමින් දර්ශනීය පෙරහැර මංගල්‍ය ආරම්භ විය.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර වලට පමණක් සීමා කරමින් අඩු ප්‍රේක්‍ෂක පිරිසකගේ සහභාගිත්වයෙන් අලි ඇතුන් හා නර්ථන ශිල්පීන් සීමිත සංඛ්‍යාවක් සහභාගි කරවා ගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති තුමන්ගේ උපදෙස් හා එතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් යොදමින් පෙරහැර මංගල්‍ය කටයුතු නිමාවට පත් කරන ලදි.