Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd July 2020 21:28:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යමහි ආඥාපති තුමන් 7 වන ශ්‍රීලයුපොහේබ සහ 8 වන ශ්‍රීලයුසේබ යන ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.21 දින තුල 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකාය යන ඒකකයන්හි නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි තුමන් සහ 8 වන ශ්‍රී ලංකා සේවා බලකායේ අණදෙන නිලධාරි යන නිලධාරි වරුන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර ආඥාපති තුමන් විසින් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරු භූමිය තුල සදුන් පැලයක් හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකා කඳවුරු භූමිය තුල නා පැලයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව ඒ්කකයන්හි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් භඨපිරිස් අමතා තේ පැන් සංග්‍රහයකට සහභාගි වී සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කර සංචාරය නිමාවට පත් කරන ලදී.