28th December 2024 16:10:16 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 දෙසැම්බර් 27 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය සිදු කරන ලදි.
එහිදි 12 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් ඒ ආර් සී විජේසූරිය ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ආඥාපති උණුසුම් ලෙස පිළිගත් අතර, 12 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආඥාපති හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් ගෞරව ආචාර්ය පුද කරන ලදී. පැමිණීම සංකේතවත් කරමින් ආඥාපති සමරු පොතේ සටහනක් තබා සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතනු ලැබිය. පසුව ආඥාපති සියළු නිළ තේ පැන්සංග්රහයකට සහභාගීවු අතර, එහිදි ආඥාපති සුහද පිළිසදරක නිරතවිය
තවද,ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මෙම බලප්‍රදේශ සංචාරයේදී වැඩසිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් පසු 122 පාබල බලසේනා මුලස්ථාන සහ 121 පාබල බලසේනා මූලස්ථාන සංචාරය සිදු කරන ලදි.