24th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 සැප්තැම්බර් 24 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය සිදු කරන ලදි.
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්පීඩබ්ල්ව් පල්ලෙකුඹුර ආර්ඩලිලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති උණුසුම් ලෙස පිළිගත් අතර, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඇතුල්වීමේ දොරටුව අසලදී ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති හට කඳවුරු මුරය පසුකරයාමේ පෙරට්ටුව පිරිනමන ලදී.
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති ගේ පැමිනීම සංකේතවත් කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් සඳුන් පැළයක් රෝපණය කරන ලද අතර, 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීමෙන් අනතුරුව සියලු නිළ තේ පැන්සංග්රහයකට සහභාගී වන ලදී. මෙම බලප්‍රදේශ සංචාරයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරී වැඩසිටිකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් පසු 121 පාබල බලසේනා මුලස්ථාන සහ 122 පාබල බලසේනා මූලස්ථාන සංචාරය සිදු කරන ලදි.