Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th February 2021 20:11:22 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) 73 වන ජාතික නිදහස් දිනය රුක්රෝපණ වැඩසටහනක් සමඟින් මහත් අභිමානයෙන් යුතුව පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) 73 වන ජාතික නිදහස් දිනය 2021.02.04 වන දින උදෑසන කාලයේදි වැඩසටහන් මාලාවක් පවත්වා මහත් අභිමානයෙන් යුතුව සමරන ලදි. ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බ්‍රිගේඩියර් (පාලන/ භකාස) බ්‍රිගේඩියර් ටී එම් ජී ජී එස් තෙන්නකෝන් ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මහත් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් විසින් ප්‍රථමයෙන් ශ්‍රි ලංකා ජාතික ධජය ඔසවා රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින් සහභාගීත්වයෙන් ජාතික ගීය ගායනා කරන ලදි.

තවද, මව්බිම සහ ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර අරමුණ වෙනුවෙන් දිවි පිදූ සියළු දේශප්‍රේමීන් සහ රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වන ලදි. අනතුරුව අඥාපති තුමන්ගේ සහභාගිත්වයෙන් සියළු නිලයන් එක්ව රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වු අතර කඳවුරු භුමියේ කොස් පැල රෝපණය කරණ ලදි.