Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th June 2020 09:31:47 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන්ගේ 2020.06.04 දින සිදුකල කදවුරු සංචාරය

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.06.04 වන දින 23 වන ගජබා රෙජිමේන්තුව හා 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුව යන ඒකකයන් හි නිරීක්‍ෂණ සංචාරයක නිරත වු අතර, කතරගම කිරිවෙහෙර විහාරස්ථානය, කතරගම දේවාලය හා වැඩසිටිකන්ද විහාරස්ථානයද වැඳපුදා ගන්නා ලදී.

මෙම අවස්ථාවන් සඳහා 12 සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ එල් පි එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 122 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වන ලදි. තවද, ආඥාපති තුමන් නිලධාරි/සෙසුනිලයින් ඇමතිමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමද සිදු කරන ලදී.