Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th January 2023 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාසල් උපකරණ කට්ටල බෙදාදෙන ලදී

පාසල් ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව ආර්ථික වශයෙන් ඉතා අසීරු කාලසීමාවක් මධ්‍යයේ කටයුතු කරන ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දෙමාපියන් පිරිසකගේ දුවා දරුවන් පිරිසකට පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩ සටහනක් 2023.01.05 වන දින සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් යුතුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දෙමෝදර සව්දම් දෙමළ විද්‍යාලයේ දුවා දරුවන් 50 දෙනෙකු වෙත අධ්‍යන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පාසල් පොත්පත් හා පාසල් උපකරණ කට්ටල 50 ක් බෙදාදීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් සීකේ වනසිංහ RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වු අතර මෙම මූල ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩීආර්ඩීකේ කොහොම්ඹන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.