Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2021 20:21:08 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 වන පාබල බලසේනාවේ භටපිරිස් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම කල්ලිවැව රක්‍ෂිතයේ 121 වන පාබල බලසේනාව යටතේ පාලන වන 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමෙහ්න්තුවේ භටපිරිස් හා පොලීසිය සමඟ 2021.02.11 වන දින සිදුකරන ලද මෙහෙයුමකදී නීතිවිරෝධි ගංජා හේනක් වටලන ලදි.

එම සෝදිසි මෙහෙයුම සඳහා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු, සෙසු නිලයින් විසිදෙනෙකුගෙන් යුත් භටපිරිසක් හා පොලිස් නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම මෙහෙයුම සඳහා එක් වූ අතර, වැටලීමේදී නීතිවිරෝධි ගංජා කිලෝ ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි.