21st January 2026 10:27:09 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත අමුණුදෝව - බණ්ඩාරවෙල සැනසුම ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සහ එහි අවට සුද්ද පවිත්‍ර කිරිම් කටයුතු කර එහි සිටින වැඩිහිටියන් 32 දෙනෙකු වෙනුවෙන් තේපැන් සංග්‍රාහයක් ලබාදී, ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමෙන් අනතුරුව එදින සද්යාවේ මියුරු ගී සංගීතමය රසාස්වාදයක් ලබාදීමටද කටයුතු කරන ලදි.
එම අවස්ථාව වෙනුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි රාජකාරි කරනු ලබන සෙසුනිලයින් පිරිසක් ද ඒ සදහා සහභාගිවන ලදී.