03rd November 2020 20:49:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති ලෙස නි/60506 මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.10.26 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, 18 ගැමුණු හේවා බලකා ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මෙම මුලය යටතේ පාලනය වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු, පුහුණු පාසැල් හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් එක්ව ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිලිගත් අතර, ආඥාපති තුමන් කඳවුරු භුමියේ පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියළු නිලයින් එක්ව ආඥාපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත් වන ලදි.