Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th October 2020 21:38:51 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම කඳවුරු භුමියෙහි අර්තාපල් වගා බිමෙ අස්වනු නෙලීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම භට පිරිස් විසින් සකස් කල අර්තාපල් වගා බිමෙහි 2020 ඔක්තොබර් මස 08 වන දින උදෑසන අස්වනු නෙලීමේ කටයුතු ආර්ම්භ කරන ලදි.

අරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයකට අනුව එතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම යටතේ සැකසූ මෙම වගා බිමේහි අස්වනු නෙලීම සඳහා අඥාපති තුමන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා සෙසු නිලයින් සහභාගි වන ලදි.