Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th July 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) රියදුරු රාජකාරින්හි නිරතවුවන් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන් සිදුකිරීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ රියදුරු රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් සඳහා රියදුරු රාජකාරින් පිළිබදව සහ වාහන නඩත්තු ක්‍රියා පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2024.07.25 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත්වන ලදි. මෙම දේශණ අධියර වශයෙන් සියලු පාසේමු හා පාබසේමු ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතව ඇත.

මෙම දේශණයේදි ඔවුන් හට රියදුරු රාජකාරින් පිළිබදව සහ වාහන නඩත්තුව පිළිබදව ම‍නා අවබෝධයක් ලබාදෙන ලදී. එම දේශණයේ දේශකයෝ වශයෙන් 8 ශ්‍රීලයුසේබ, 7 ශ්‍රිලයුපොහේබ, 2 (සෙව්) ශ්‍රීලවියාඉරෙ, යන ඒකකයන් හී දෙවන අණදෙන නිලධාරිවරුන් විසින් සිදුකරණ ලද අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) හා ඒ යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන නිලධාරි/සෙසුනිලයින් (03X 60) පිරිසක් සහභාගි වන ලදී.