07th October 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.07 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි
ඒ අනුව 23 විපාරේ භට පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් පිරිනමමින් ගෞරව ආචාර්ය පුද කරන ලදි. ඉන් පසුව ආඥාපති නව තනතුරේ වැඩ ආරම්භ කිරිම නිමිති කොට ගෙන කඳවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි
අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සුභ මොහොතින් 21 වන ආඥාපති ලෙස ආඥාපති ධුරයේ රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් නිළ ලේඛණයට අත්සන් තබන ලදි. පසුව නව ආඥාපති, සියළු නිලයින් ආමන්ත්‍රණය කිරිමටත් සුහද පිළිසඳරක යෙදමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය
ආඥාපති භාකාස අණසක, ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස,121 හා 642 පාබල බළසේනාධිපති වරුන්,ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් උත්සවය සඳහා සහභාගි වන ලදී