04th November 2024 08:05:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 ඔක්තෝබර් මස 31 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ 121 පාබල බලසේනා මුලස්ථානය හා ඒ යටතේ පාලනය වන ඒකකයන් හි සංචාරයක නිරතවන ලදි.
ඒ අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති 20 ශ්‍රිලංසිරෙ ඒකකය වෙත පැමිණි අතර, එහිදි ආඥාපති හට කඳවුරු පසුකරයාමේ මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ආඥාපති ඒකක අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගන්වන ලදි. ආඥාපතිගේ පැමිණිම සනිටුවහන් කිරිමට කඳවුරු භුමිය තුල අඹ පැලයක් රෝපණය කිරිමටත්, සමරු පොතේ සටහනක් තැබීමටත් කටයුතු කළේය.
අනතුරුව 121 පාබල බලසේනා මුලස්ථානය සහ 18 වන ගැමුණු හේවා බලඇණිය වෙත සංචාරය කරන ලද අතර, එහිදි 121 පාබල බලසේනාධිපති හා 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි විසින් ඉතාම උණුසුම් අයුරින් ආඥාපති පිළිගණු ලැබීය. සංචාරය සනිටුවන් කිරිම සඳහා කඳවුරු භූමි තුල රුක් රෝපණයක් සිදුකරන ලද අතර, සමරු පොතේහි සටහනක් තැබිමටද අමතක කළේ නැත. 121 පාබල බලසේනාවට අයත් සියළු භඨ පිරිස් ආමන්ත්‍රණය කරන ලද අතර, ඔවුන් වෙතින් ඉතා උසස් හා විනය ගරුක රාජකාරියක් ඉටු කරන ලෙසත් තම වෘත්තීය දැනුම වර්ධනය කරගන්නා ලෙස දැනුවත් කරනු ලැබිය.