04th November 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 ඔක්තෝබර් මස 30 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නියළෙන ලදි.
ඒ අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති 12 වන පාබල සේනාංකයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය. එහිදි සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් පී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩලිලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ආඥාපති උණුසුම් ලෙස පිළිගත් අතර, 12 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආඥාපති හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු ආඥාපති ගේ පැමිණීම සනිටුවහන් කරමින් සමරු පොතේ සටහනක් තබා සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් පසු 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතනු ලැබිය. එහිදි ආඥාපති හට සමරු තිළිණයක් පිරිනැමිට ද කටයුතු කරන ලදි. පසුව ආඥාපති සියළු නිළ තේ පැන්සංග්රහයකට සහභාගීවු අතර, එහිදි ආඥාපති සුහද පිළිසදරක නිරතවිය.
අනතුරුව ආඥාපති කතරගම - ජානාධිපති මන්දිරය, 3 ශ්රීලංජාඅබමු ඒකකය, 122 පාබල බලසේනා මුලස්ථානය, 12 ගජබා රෙජිමේන්තුව සහ යාල ලයා හෝටලයේ සංචාරයේ නිරත වන ලදි. එහිදි යුහ කඳවුරු වෙතින් අඥාපති හට කඳවුරු පසුකරයාමේ මුරයක් පිරි නැමිමටත් ආඥාපති පැමිණිම සනිටුවහන් කරමින් කඳවුරු භුමියේ පැලයක් රෝපනය කිරිමටත් සමරු පොතේ සටහනක් තැබීමටත් ආඥාපති කටයුතු කරන ලදි.