14th December 2024 17:49:43 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 දෙසැම්බර් මස 10 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නියළෙන ලදි.
එහිදි 12 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආඥාපති හට කඳවුරු පසුකරයාමේ මුරයක් පිරිනැමි මෙන් ගෞරව ආචාර්ය පුද කල අතර, 122 වන පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එච් එම් යු බී කොළොන්ගහපිටිය යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ආඥාපති විසින් අවසන් වශයෙන් මතකය ආවර්ජනය කරමින් සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් දක්වන දායකත්වයන් ඇඟයිමට ලක් කල අතර, කෘතඥා පුර්වක ස්තුතීය පුද කිරීමටත් යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවී තම රාජකාරි නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස ද සියළු දෙනා හට සිහිපත් කරන ලදි. එහිදි ආඥාපති හට සියළුම නිළයින් විසින් සමරු තිළිණයක් පිරිනැමිට ද කටයුතු කරන ලදි.