18th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මේජර් ජෙනරාල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.18 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ 2024.09.19 වන දින 112 පාබල බසේමු නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
එහිදි සංචාරයේ ආරම්භය සනිටුවහන් කරමින් පළමුව 2024.09.18 වන දින 11 වන පාබල සේනාංකයේ සංචාරයේ නිරතවිය එහිදි 10 වන ගජබා ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුර පසුකරයාමේ මුරයක් පිරිනැමිමෙන් පසු මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් නවතමයෙන් වැඩ භාරගන්නා ලද ආඥාපති උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, සේනාංකාධිපති විසින් සේනාංකය සහ යටතේ පාලනය වන පාබලසේමු හා ඒකක වෙතින් සිදුකරනු ලබන රාජකාරින් වගකිම් වත්මන් ආරක්ෂක තත්වය සම්බන්දව ආඥාපති දැනුවත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව ආඥාපති විසින් 11 පාබසේමු රාජකාරි නිරත සියළු නිලයින් ආමන්ත්‍රණය කරණු ලැබිය. මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය
2024.09.19 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති 112 පාබල බසේමු සංචාරයක නිරතවු අතර, එහිදි 23 විජයබා රෙජිමෙන්තුවේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුර පසුකරයාමේ මුරයක් පිරිනැමිමෙන් පසු 112 පාබල බසේමු බලසේනාධිපති කර්නල් කේ ආර් කලුපහන ආර්එස්පී යූඑස්පී විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව ආඥාපති විසින් සංචාරය සනිටුවහන් කරමින් කදවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සමුහ ඡායා රූපයකට පෙනිසිටිමෙන් පසු 112 පාබල බසේමු හා ඒකකයන් හි සියළු නිලධාරි, සෙසුනිලයින් ඇමතීමට අමතක නොකල අතර, අමුත්තන්ගේ ලේඛනයේ සටහන් තැබිමෙන් පසු සංචාරය නිමාවට පත්කරන ලදි. මෙම අවස්ථාව සඳහා 112 පාබසේමු බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය