29th December 2024 11:59:01 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 දෙසැම්බර් මස 28 වන දින ආරක්ෂක සේනා භකාස අණසක (මධ්‍යම) යටතේ පාලනය වන 17 ඉසේරෙ, 2 ශ්‍රීලංවියාඉ, 8 ශ්‍රීලයුසේබ සහ එම ඒකකයන් යටතේ පාලනය වන ආයතනයන් වෙත සංචාරයක නිරත වන ලදී.
ඒ අනුව ඒකක අණදෙන නිළධාරින් විසින් තම ඒකකයන් වෙත පැමිනි ආඥාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපති විසින් සියළු නිළයින් අමතා යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවී තම රාජකාරි නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස සියළු දෙනා හට සිහිපත් කලේය,තවද සංචාර සනිටුහන් කරමින් සමරුපොතේ හි සටහනක් තැබීමට කටයුතු කලේය.
මෙම අවස්ථාව සඳහා ආඥාපති භාකාස අණසක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්,ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි