09th November 2024 12:32:09 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 නොවැම්බර් මස 06 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන යුධ හමුදා රෝහල - දියතලාව, 7 ශ්‍රීලයුපොහේබ සහ 8 ශ්‍රීලයුසේබ යන ඒකකයන්හි සංචාරයක නිරත වන ලදී.
ඒ අනුව ආඥාපති යුහ රෝහල - දියතලාව වෙත පැමිණිමෙන් පසු කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව අණදෙන නිළධාරිණිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු රෝහල් භූමියේ පැලයක් රෝපණය කිරීමට කටයුතු කර සමුහ ඡායාරූපයකට පෙනි සිට ඉන් අනතුරුව රෝහල පිළිබඳව සොයා බැලීමටත් නේවාසික ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමටත් ආඥාපති විසින් කටයුතු කර රෝහල් සමරු පොතෙහි සටහනක් තැබීමටද, ආඥාපති කටයුතු කළේය.
ඉන් අනතුරුව පිලිවෙලින් 7 වන පොලිස් ෙහ්වා බළකාය සහ 8 වන ශ්‍රීලංකා සේවා බලකා වෙත සංචාර සිදුකල අතර, එහිදි ඒකක අණදෙන නිළධාරින් විසින් උණුසුම් අයුරින් පිලිගැනීමෙන් පසු කඳවුරු සම්මාන මුරයක්/කඳවුරු පසුකරයාමේ සම්මාන මුරයක් පිරිනැමිමටත් සමුහ ඡායාරූපයකට පෙනිසිටිමෙන් පසු කඳවුරු භුමියේ පැල රෝපණය කිරිමත් සිදුකරන ලදි. ඉන් අනතුරුව ආඥාපති සියළු නිළයින් ඇමතීමටත්, අණදෙන නිලධාරිවරුන් විසින් ඒකකයන්හි සිදුකරනු ලබන කාර්්‍යයන් පිළිබදව ආඥාපති දැනුවත් කිරිමෙන් පසු සමරු පොතෙහි සටහනක් තැබීමෙන් අනතුරුව සංචාර අවසන් කරන ලදි.
මෙම අවස්ථාව සඳහා ආඥාපති අණසක භකාස ආරක්ෂක සේනා (මධ්‍යම), බ්‍රිගේඩියර් (පාලන/භකාස), කර්නල් (ප්‍රමානි) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරීන් පිරිසක් සහභාගි වන ලදි.