Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th July 2020 17:30:24 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මල්වතු, අස්ගිරි සහ නෙල්ලි ගල මහනායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබාගනී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.23 වන දින මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳපුදා ගන්නා ලදි.

එහිදී ආඥාපති තුමන් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන් වන නිලංග දෑල බංඩාර මහතා හමුවු අතර අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා‍යක හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥාණරතන මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේලාගේ ආශීර්වාද ලබාගෙන පසුව නෙල්ලිගල පුරාණ රජමහා විහාරයේ මහානායක හිමිපානන් බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාද ලබාගන්නා ලදි. මෙම අවස්ථාවන් සඳහා 11 සේනාංකයේ සේනාංකාධිපති, 112 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වුහ.