Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th May 2020 21:12:23 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති තුමන්ගේ 112 බලසේනා මූලස්ථානයේ සංචාරය

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.05.14 වන දින 112 වන බලසේනා මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වු අතර, මුතියංගණය රජ මහා විහාරස්ථානය හා මහියංගනය රජ මහා විහාරස්ථානයද වැඳපුදා ගන්නා ලදී.

මෙම අවස්ථාවන් සඳහා 112 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජි ඒ බී පි එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වුහ. තවද, සංචාරය සිහිපත් කිරීම වෙනුවෙන් කඳවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කිරීමෙන් පසු ආඥාපති තුමන් විසින් විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමද සිදු කරන ලදී.