Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd June 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තනතුරෙන් නික්ම යාම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එස් ආර් බි අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.22 වන දින ආඥාපති දුරයෙන් නික්ම යන ලදි.

ආඥාපති හට කඳවුරු මුරය පසු කරයාම පිරිනැමිමෙන් පසු නික්මයාම සනිටුවන් කිරිම සඳහා එතුමන් කඳවුරු භූමියේ අඔ පැළයක් රෝපණය කිරීමටත් සමූහ ඡායාරූපයකට පෙනී සිට පැමින සිටි සියළු නිලධාරින් හා සෙසුනිළයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමෙන් පසු සුහඳ පිළිසදරක යෙදීමට අමතක කලේ නැත. එතුමන් විසින් කරන ලද අනගීභවණිය සේවය ඇගයිමීන් සමරු තිළිණයක් පිළිගැන්වීමට කටයුතු කරන ලදි. එසේම එතුමන් විසින් අවසන් වශයෙන් මතකය ආවර්ජනය කරමින් නිලධාරින් සහ සෙසුනිළයින් විසින් දක්වන දායකත්වයන් ඇඟයිමටත් කෘතඥා පුර්වක ස්තුතීය පුද කිරීමටත් යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවී තම රාජකාරි ‍නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස සිහිපත් කරමින් රට තුල පවතින නීතිවිරෝධි ක්‍රීයාකාරකම් සහ මත්ද්‍රව්‍ය උවදුරින් තම සහෝදර සෙබළලුන් ආරක්‍ෂා කර ගැනීම පිණිස කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුවත් කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි, රාජකාරියේ නියුතු මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණ්ෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.