20th January 2025 21:13:56 Hours
ආසේමු (මධ්‍යම) ආඥාපති වන මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි නවතමයෙන් වැඩ භාරගන්නා ලද. 12 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස්එන් හේමරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.01.20 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථානය වෙත පැමිණෙන ලදි.
ඒ අනුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ආසේමු වෙත පැමිණිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රමානි විසින් සම්ප්‍රධානුකූලව පිළිගෙන ආසේමු ආඥාපති කාර්යාලය වෙත කැටුව යනු ලැබීය. එහිදි ආසේමු ආඥාපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, සුහද පිළිසඳරක නිරත විය. එහිදි 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ ආරක්ෂක තත්වය සම්බන්ධව සාකච්ඡා කරන ලදි