Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2020 20:20:07 Hours

ආරක්ෂිත ඇඳුම් කට්ටල යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරයි

ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨ පිරිස්හි ආරක්ෂාව වෙනුවෙන් මහනුවර විදයාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සුපුන් මාධව වීරසිංහ මහතා විසින් මුඛ ආවරණ කට්ටල 100 ක් හා මහනුවර විදයාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු ඉංජිනේරු ජගත් චමින්ද රාජපක්ෂ මහතා විසින් IRර්‍ උෂ්ණත්ව මානයක් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 2004 කණ්ඩායම විසින් මුහුණු ආවරණ කට්ටල 200ක් මෙන්ම, ආරක්ෂක ඇදුම් කට්ටල 30ක් සහ IR උෂ්ණත්ව මානයක් 2020.05.06 වන දින 11 වන සේනාංකාය වෙත පරිත්‍යාග කරන ලදි.

එම සියළු පරිත්‍යාග සංකේතවත් ලෙස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙත පැමිණ සිටි අයවලුන් පරිත්‍යාග කල අතර, නිරෝධායන කටයුතු වල නිරත වන යුද්ධ හමුදා සමාජිකයින් හට පහසුවෙන් භාවිතාකල හැකි පරිදි කලීන අවශ්‍යතා අනුව නිපදවා ඇති බව මෙම කාර්යය සංවිධානය කරනු ලැබූ අයවලුන් විසින් එම අවස්ථාවේ පවසා සිටින ලදී.