Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th April 2018 15:31:42 Hours

ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) වෙසක් කලාපය

ශ්‍රි සම්බුදු තෙමගුල සහිකරමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා පූර්ණ අධික්ෂණය යටතේ මෙම මුලය වෙතින් සංවිධානය කරනු ලබන වෙසක් කලාපය සහ ස්වේචිඡා බළසේනා පුහුණු පාසලේ බැති ගී කණ්ඩායම හා ශ්‍රි පඤ්ඤාසාර දහමි පාසල දකුණු කැබිල්ලවල බණ්ඩාරවෙල දහමි පාසලේ සිසු සිසුවියන්ගේ බැති ගි ප්‍රසංගය දියතලාව මුතු කුමරු ක්‍රිඩාංගනෙය්දී 2018 අප්‍රේල් මස 29 වන දින සිට 30 දින දක්වා පැවැත්වේ.

මෙම වෙසක් කලාපය වර්ණවත් කරමින් මෙම මුලය හා අවට ඒකක /පුහුණු පාසල්, දියතලාව ගුවන් හමුදා කදවුර හා දියතලාව නවික හමුදා නිවාඩු නිකේතනය යන ස්ථානයන් වෙතින් ඉතා දර්ශණිය අයුරින් සම්බුදු තෙමගුල සිහකරවන පහන් කුඩු 14 කට අධික ප්‍රමාණයකින් යුත් දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනය වර්ණවත් කරන ලද අතර, ඒ අතුරින් පහත සදහන් පරිදි පලමු දෙවන හා තෙවන ස්ථානයන් ලබා ගන්නා ලදී.

පලවන ස්ථානය - 7 ශ්‍රි ලංකා සංඥා බලකාය

දෙවන ස්ථානය - 2 (සෙව්) ශ්‍රිලවියාඉ

තුන්වන ස්ථානය - ගුවන් හමුදා සටන් පුහුණු පාසල

ජයග්‍රාහි නිර්මාණ සදහා ත්‍යාග ප්‍රධානය කිරිම ආඥාපති ඇතුලු පැමිණ සිටි සමිභාවනීය අමුත්තන්ගේ සුරතින් සිදුකල අතර, බැති ගී ප්‍රසංගය සදහා සහභාගිවු දහමි පාසල් සිසු සිසුවියන් ඇගයිමට ලක්කරමින් ඔවුන් හට සහතික පත්‍රයක් හා වටිනා ත්‍යාග ප්‍රධානයක්ද මෙහිදී සිදු කෙරුනු අතර, තත් වෙසක් කලාපය නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන් උදෙසා වෙසක් කලාපය පැවැත්වෙන දිනයන්හි කඩල හා මඤ්‍‍‍ ඤොක්කා දන්සලක් පවත්වන ලදී.